ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ස්වභාවය.
ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසාගේ ආදීතම මුතුන් මිත්තන් පවා ඔවුන්ගේ පරිසරයෙන් අල්ලා ගන්නා ලද මසුන් අනුභව කරන ලදී. මෙය එකල මස් අනුභව කළ හැම කෙනෙකුගේම පුරුද්ද විය. මේ නිසා මසුන් ඇල්ලීම මිනිසාගේ පැරණිතම කාරයයන්ගෙන් එකකි. තම ආහාර සඳහා සතුන් දඩයමෙහි නියුක්ත වූවා සේම ඔහු එකල මසුන් ඇල්ලීමේ ද නිරත විය .
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වසර 2000 කට ආසන්න ඉතිහාසයක් තිබුණද, මෙම ක්ෂේත්‍රයෙහි වර්ධනයක් ඇති වූයේ 70 දශකයේ සිටය. වර්තමානය වන විට මෙරට ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 70 % ක්ද, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, යකඩ හා මැග්නීසියම් වැනි ජීවිතයට ට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයන් ද, විටමින් ඒ හා සී ජීව ධාතු අසංද්‍රික මේද හා අම්ල ද මත්ස්‍ය ආහාර වලින් සපයනු ලැබේ. මේ අයුරින් බලන කළ ශ්‍රී ලාංකීය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වූ කර්මාන්තයක් වශයෙන් ධීවර කර්මාන්තය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වැදගත් කොටසක් හිමි කරගෙන ඇති ධීවර කර්මාන්තය මෙරට ජනතාවගේ සේවා වියුක්ති ගැටළුවට විසඳුමක් වශයෙන් හදුනාගත හැකිය .
ධීවර අංශයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කොටසක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදනයට 3% ක් පමණ දායකත්වයක් ලැබේ. ධීවර කාර්මිකයින් සහ ජලජීවි වගා කරුවන් 150,000 පමණ ධීවර කර්මාන්තයේ සෘජුව නියැලී සිටින අතර තවත් 100000 පමණ මත්ස්‍ය සැකසුම, ධීවර යාත්‍රා තැනීම, දැල් හා අනෙකුත් ආම්පන්න නිපැයීම සහ වෙළඳාම වැනි කාර්යයන්හි නිරත වෙයි. වෙරළාසන්න ජීවත්වන දශ ලක්ෂයක් පමණ ජනතාව ධීවර කර්මාන්තයෙන් සිය ජීවිකාව සලසා ගන්නා බව ඇස්තමේන්තු කර ඇත. වර්තමානයේ මුහුදු ධීවර කර්මාන්තයේ යෙදෙන සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඊට හේතුව ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තයෙන් වැඩි ආදායම් ඉපයීමට හැකි ව තිබීමයි .
නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ක්‍රමිකව වර්ධනය විය. විශේෂයෙන් මත්ස්‍ය නිෂ්පාදන සේවා සැලකිය යුතු වර්ධනයක් සිදුවිය .නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැති අර්බුදකාරී තත්ත්වය හමුවේ 1983න් පසු මත්ස්‍ය නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වී ඇත. 1983දී මෙ.ටො. 220,806 ක් වූ මත්ස්‍ය නිෂ්පාදනය 1984 වන විට මෙ.ටො 196,351 දක්වා පහත වැටී ඇත. නමුත් පසුකාලීනව රජය ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීමට ගත් උත්සාහය තුළින් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි විය. රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ යාන්ත්‍රීකරණය සහ නවීකරණ වැඩ පිළිවෙළවල් තුළින් මේ වන විට නිෂ්පාදනයෙහි ලබා ඇති වැඩි වීම 1950 වන විට තිබූ මට්ටම මෙන් දහ ගුණයකි.
No comments:
Post a Comment